දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉකුත් මාර්තු 31 වැනිදා වනවිට රුපියල් කෝටි 18,400ක පමණද මිහින් ලංකා සමාගම රුපියල් කෝටි 1900ක පමණ ද පාඩුවක් ලබා ඇතැයි පවසා ඇති ඇමැති රණවක මහතා මෙම සමාගම් දෙකේම පාඩුව රුපියල් කෝටි 20,000 ඉක්මවා ඇතැයි පෙන්වා දී තිබේ. තෙල් මිල ඉහළ යෑම ඇතුළු කාරණා හමුවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේ රුපියල් කෝටි 3,500ක පමණ පාඩුවක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

දිගින් දිගටම පාඩු ලබමින්, රටට මහා බරක් වී ඇති, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 7000ක් පමණ වන සේවකයින්ට වන්දි ගෙවා ගුවන් සමාගම වසා දැමීම සුදුසු බව මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.

මේ රටේ සෑම පුද්ගලයකුම රුපියල් 10,000ක පමණ ණයකාරයකු කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න කඩිනමින් තීරණය කළ යුතුව ඇතැයි ද ඇමැති රණවක මහතා පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More