දේශීය පුවත්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් අද ජය ගත්තේ ය.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ජෝ රූට් ලකුණු 71ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඔයින් මෝගන් ලකුණු 92යි.

එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කළහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 10කදී එක් නිලකුණ පන්දුවාරයක් ද සමගින් ලකුණු 44 ට කඩුලු 5ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 279ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 31 කදී බිඳ වැටිණි.

කුසල් ජනිත් ලකුණු 30යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 140ක් රැස් කර ගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More