යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳව තීරණය කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පත් කළ කමිටුවේ වාර්තාව එළැඹෙන සති අන්තයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතව ඇත.
එම වාර්තාවේ නිර්දේශ පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා ලබන18 දින එම කමිටුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමටද නියමිතව ඇති අතර එම රැස්වීමෙන් අනතුරුව අදාළ වාර්තාව ජනපතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජනතා විධායක සභාව වෙත ඉදිරිපත් කිරීමට කමිටුව සැලසුම් කර ඇත.
මෙම රැස්වීම සඳහා එම කමිටු සාමාජිකයන් වන ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස, මහතා, සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා, ශ‍්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එස්.බී. දිසානායක, දිනේෂ් ගුණවර්ධන සුසිල් පේ‍්‍රම්ජයන්ත යන මහත්වරුද එක්වීමට නියමිතය.
ශ‍්‍රීලනිපය යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ තීරණාත්මක කරුණු රැසක් මෙම වාර්තාවේ අඩංගු වනු ඇති බවද වාර්තා වේ.
එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම ස`දහා තීරණයක් ගැනීමට දින 14ක කාලයක් ඇතුළත වාර්තාවක් සකස් කිරීම ස`දහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාව විසින් පසුගිය 04 දින මෙම කමිටුව පත්කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...