දේශීය පුවත්

උතුරු නැගෙනහිර පළාතට වෙනම ස්වයං පාලනයක් ලබා දීම සදහා ආණ්ඩුව සියල්ල සූදානම් කර අවසන් බව මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට ඊයේ(13) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසී්‍ය.

වික්‍රමසිංහ මහත්තයා අලුත් ව්‍යවස්ථාවක් හෙට අනිද්දට පාර්ලිමේන්තුවට දාන්න බලනවා. ඇයි අපිට අලුත් ව්‍යවස්ථාවක්. රටේ මිනිස්සු කියන්නේ බඩු මිළ අඩුකරන්න කියලා. මිනිස්සු ඉල්ලනවද විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය. කන්නද? නැහැ. 2015දී ආණ්ඩුව හදන්න මේ අයට උතුරේ ජනතාව ඡන්දේ දුන්නා. ඒ අයට පොරොන්දු වුණා මේ අයට අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා උතුරු නැගෙනහිර වෙනම ස්වයං පාලනයක් දෙනවා කියලා. දැන් ඔන්න ව්‍යවස්ථාව ගෙනල්ලා පාර්ලිමේන්තුවට දාන්න හදනවා. අය වැය ඔස්සේ අලුත් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාව එනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කලෝතින් උතුරු නැගෙනහිරට වෙනම ස්වයං පාලනයක් දෙන්න ආණ්ඩුව සියල්ල හදලා ඉවරයි. ඒකේ ඩ්‍රාෆ්ට් එක අපිට ඇවිල්ලා තියෙනවා. වෙනම පළාතට පොලිසියක් තියෙනවා. අපිට උතුරු නැගෙනහිරට යන්න වෙනම පාස්පෝර්ට් ගන්න වෙයි. අපිට වෙනම අවසර ගන්න වෙයි යන්න. දරුවෝ මැරිලා යුද්ධය නිසා කල සියලු කැපකිරීම් අවසන් වෙලා බන්දේසියක තියලා උතුරු නැගෙනහිර දෙන්න හදනවා.

මහින්ද මහත්තය මැච් එක ගහන්නේ පිච් එක හරිනම් විතරයි. තණ නිල්ල හොද වෙන්න ඕන. පිතිකරුවෝ හරි ස්ථාන වල ස්ථානගත වෙලා තියෙන්න ඕන. හරි පන්දු යවන්නෝ ටික ඉන්න ඕන. එහෙම වුනොත් තමයි මහින්ද මහතත්තයා මැච් එක ගහන්නේ. මහින්ද මහත්තය හරි වෙලාවට තණ නිල්ල බලලා, ක්‍රීඩකයෝ දාලා, මැච් එක ගහලා මේ රට හරි මඟට ගෙනියනවා. ඒක කාටවත් නවත්තන්න වෙන්නේ නැහැ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More