ඉදිරි අයවැයේදී සහය ලබාදීමටනම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පාලාත්සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමග 13 වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයෙකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.
ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේදී තීරණයක් ගනිද්දි දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය බාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි සිවිල් සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවේදී තීරණයක් ගත්තා. යනුවෙනි.
මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...