දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝමාගම, ගොඩගම “ලෝටස්” ගොඩගම රීච් හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (ඔක්. 13) එක්වෙමින් මෙසේ අදහස් දැක්වූවා.

අද හැමෝම අහන ප්‍රශ්නයක් තමයි කවුද විපක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කියන එක. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දෙවරක්ම තමන්ගේම කියලා නායකයෙක් ඉදිරිපත් කරගන්න බැරි වුණු එක්සත් ජාතික පක්ෂය දැන් විවිධ මත පළකරනවා. මම හිතන්නේ ඒ කාර්යය ජනතා විශ්වාසය දිනපු, ඒ පිළිබදව මනා අවබෝධයක් තියෙන, දේශපාලනික වශයෙන් පරිණත වුණු මහින්ද රාජපක්ෂ මැතිතුමා නියම අවස්ථාවේ දී ඒ තීරණය ගනී.

මේ මොහොතේ අපිට තිබෙන වැදගත්ම දේ ජනතා බලවේගය ශක්තිමත් කිරීම. ඒ විදියට සැලසම් සකස් කරලා තියෙන කොට කුමන නායකයෙක් ආවත් ජයග්‍රහණය කරන්න පුළුවන්.
අපිට පක්ෂයක් නොතිබුණ වෙලාවක පොදුජන පෙරමුණ ගොඩනගලා ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදෙන්නට බැසිල් රාජපක්ෂ මැතිතුමාට හැකි වුණා. ඉදිරියේ දී ඇති කරන රජයක කටයුතු මනා ලෙස කරන්නට අද අපි රටේ සියලුම වෘත්තිකයන් එකතු කරලා අදහස් අරගන්න වියත්මග සංවිධානය ගොඩනගලා තිබෙනවා. ඒ අදහස් ජනතාව අතරට ගෙනයන්නට අපි එළිය සංවිධානය ගොඩනගලා තිබෙනවා.

විශේෂයෙන්ම මේ මොහොතේ ගොඩනැගෙන ජනතා බලවේගය අධෛර්යමත් කෙරෙන මතවාද ගෙනඒමෙන් අපි වැළකී සිටින්නට අවශ්‍යයි. රටේ ඒකීයභාවය, නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය, ආරක්ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතා බලවේගය ඉදිරියට ගෙන යන එක අප සැමගේ යුතුකමක්. අද අපි පෙන්වා දෙනවා මේ රජය ගෙන එන්නට බලාපොරොත්තු වෙන නව ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ඇතිවිය හැකි හානිය පිළිබදව. ඒ වගේම පෙන්වලා දෙනවා මේ රටේ ස්වෛරීභාවය වෙනුවෙන් සටන් කරපු රණවිරුවන්ට අද අත්වෙලා තිබෙන ඉරණම පිළිබදව.

එක්සේසත් වුණු, ස්වෛරී, ඉහළ මට්ටමක ආර්ථිකයක් තිබුණු, ආරක්ෂාව ඉහළම තැනක තිබුණු. පාතාලය, කුඩු නැතිකරපු රටක් ජනවාරි 08 වැනිදා අපි මේ රජයට අපි බාරදුන්නා. අවුරුදු 04 කට පස්සේ අද මේ තත්ත්වය සම්පූර්ණයෙන් ගිලිහිලා තිබෙන තත්ත්වයකට පත්වෙලා. හුදෙක් ඔවුන්ගේ අවශ්‍යතාව තිබුණේ බලය ලබාගැනීම පමණයි. අද අපි කොළඹ ප්‍රදේශය බැලුවොත් හැම තැනම වාගේ විශාල පුවරු ප්‍රදර්ශනය කරලා තියෙනවා සංවර්ධනය පිළිබදව නමුත් ඒ එකක්වත් භූමියේ නෑ. වසර ගණනාවක යුද්ධයක් තිබුණු කාලේ කටුකම්බි වලින්, බංකර් වලින්, තාප්ප වලින් වටවෙලා තිබුණු කොළඹ අපි ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය බවට පත්කළා.

විවිධ විදේශ ආයෝජන රටට ගෙන ආවා. අද ඔබ කොළඹ නගරයට ගිය විට දකින සෑම ව්‍යාපෘතියක්ම පාහේ මේ රටට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ රජය. කොළඹ තට්ටු නිවාස සංකීර්ණ ඇති කළා. විශේෂයෙන්ම කොළඹ නගරයේ අපි කරගෙන ගිය ඒ ව්‍යාපෘති සියල්ල අද ඇණහිටලා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 04 කට ආසන්න රැකියාවන් ප්‍රමාණයක් නැතිවුණා. වත්මන් රජය මේ සියලු දේ පිළිබද ජනතාව විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවත් මුළාකරලා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා.

අපි එදා රාජ්‍ය සේවය ඉතා කාර්යක්ෂම ලෙස මේ සංවර්ධනයට යොදා ගත්තා. වත්මන් රජය ඒ රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්නට පටන් ගත්තා. ඔවුන්ගේ නිදහස නැතිකරලා දැම්මා. ආර්ථිකය මේ වගේ කඩාවැටෙන්නට ඒ හේතු නිතැතින්ම බලපානවා. නමුත් තවමත් මොවුන් කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවට බැණ බැණ ඉන්න එක. නොබියව තීරණ අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇදි ඇදී ගිය යුද්ධය නිමා කළා. විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කළා. ඒ වගේ අමාරු තත්ත්වයක උනත් එතුමා එදා ගොවියන්ට පොහොර සහනාධාරය ලබාදීලා රට සහලින් ස්වයංපෝෂිත කළා. රටේ යටිතල පහසුකම් සංවර්ධනය කළා. ඒ හැකියාව ලැබුණේ එතුමාට පැහැදිලි දර්ශනයක් තිබුණු නිසා, ඒ වගේ ම ඒ කාර්යයන් කරන්නට දක්ෂ පුද්ගලයන් එතුමා වටා සිටි නිසා.

දේශපාලන පළිගැනීම් පමණක් කරමින්, ජනතාව මුළා කරමින් රට ඉදිරියට යන තත්ත්වයක් තුළ අද මේ සියල්ලක්ම කඩාවැටිලා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

– එළිය මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More