පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල මාසික වාර්තාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අද (15) රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
දූෂණ වංචා සම්බන්ධව ප්‍රගතිය පිළිබඳ වාර්තා සකස් කිරීමට සාගල රත්නායක, තලතා අතුකෝරළ, අජිත් පී.පෙරේරා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත.
මේ අතර දැනට සිදුවන දූෂණ වංචා පරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් සාගල රත්නායක ඉදිරිපත් කර තිබේ. එහිදී දූෂණ වංචා පරීක්ෂණ කටයුතු ප්‍රමාද වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරදින් බවට කාරක සභිකයන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විවේචනය කර ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...