ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙක සමගි කර ගැනීම සඳහා තමන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) පැවැසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.
සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකට සහභාගි වූයේද මෙම අරමුණින් බවත් එසේ වුවත් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නොමැති බවත් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයක් ලෙස තරග කිරීම සඳහා කණ්ඩායම් දෙක එකට එකතු කරගැනීමට සියලු කටයුතු කරන බවද දයාසිරි ජයසේකර මහතා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගද විශේෂයෙන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...