දේශීය පුවත්

වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කර තිබේ.‍

වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී පෙරේදා (15දා) පැවැත් වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් මහතා, වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පාසලට පැමිණි අතර තූර්යය වාදක කණ්ඩායම් විසින් පිරිස උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

අනතුරුව ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව පැමිණ ඇති අතර එහිදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපහසුතාවටපත් සංවිධායකවරුන් පිරිස සාකච්ඡා කොට එම අවස්ථාවට පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික කොඩිය එසවීමට කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More