තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයේදී, සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගී මරා දමා ඇති බව තමන් පිළිගන්නවා යැයි සෞදිය කියයි.
සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි කශෝගී ඝාතනය කෙරුණු බවට තුර්කි රජය චෝදනා කරමින් සාක්ෂි රැසක් ඉදිරිපත් කර තිබුණු නමුත් සෞදිය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබුණි.
කශෝගී කොන්සල් කාර්යාලයේ දී මරා දැමුණු බව සෞදිය පිළිගත් පළමු අවස්ථාව මෙයයි. කශෝගී ඝාතනය වුණු බව සෞදි රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමත්‍යාංශය පිළිගෙන ඇති අතර, ඒ බව ලොවට නිවේදනය කළේ ට්විටර් පණිවුඩයක් හරහාය.
කොන්සල් කාර්යාලයේ දී එහි සිටි පිරිසක් සමඟ කශෝගී බහින්බස් වීමක් සිදුවී ඉන්පසු ගැටුමක් ඇති කරගත් බවත්, එම ගැටුම අවසන් වුයේ කශෝගී මියයෑමෙන් බවත් තමන් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණවලින් තහවුරු වුණු බව සෞදි රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
සිදුකළ එම අභ්‍යන්තර පරීක්ෂණයෙන් පසු නිලධාරීන් 15 දෙනකු සේවයෙන් නෙරපා දැමීමටත්, තවත් සෞදි ජාතිකයන් 18 දෙනකු අත්අඩංගුවට ගැනීමටත් සෞදිය පියවර ගෙන තිබේ.
එසේ රාජකාරිවලින් නෙරපා දැමූ පුද්ගලයන් අතර ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ උපදේශකවරයකු වන සෞද් අල් කටානී පමණක් නොව නියෝජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මේජර් ජනරාල් අහ්මද් අල් අසීරී ද සිටිති.
ජමාල් කශෝගී සෞදියේත් සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේත් උදහසට ලක් වී සිටි අයෙකි. ඒ, කශෝගී සෞදියේ ඔටුන්න හිමි කුමාරයා දැඩි ලෙස විවේචනය කළ මාධ්‍යවේදියකු වූ නිසාය.
(ඒ.එෆ්.පී.)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...