විදේශ පුවත්

තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුලදී මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්වූ ආකාරය හෝ ඔහුගේ සිරුරට කුමක් සිදු වුවාද යන්න ගැන තොරතුරක් නොමැති බව සෞදි අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර සිටියි.

සෞදි කොන්සියුලර් කාර්යාලය තුලට ජමාල් කෂෝගී ඇතුල් වීමෙන් පසු එහි සිටි “ආරක්ෂක කණ්ඩායමක්” ඔහුව සිය භාරයට ගෙන ඇති බවට පැවසෙන බවත් තුර්කි බලධාරීන් සිදුකරන විමර්ශනයට අමතරව තම රටද ඒ පිළිබදව විමර්ශන සිදුකරන බව අමෙරිකානු ෆොක්ස් රූපවාහිනී සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සෞදි විදේශ කටයුතු ඇමති ඇඩෙල් අල් ජුබියර් ප්‍රකාශ කර තිබෙනවා.

කොන්සියුලර් කාර්යාලය තුලදී ජමාල් කෂෝගී ඝාතනයට ලක්ව තිබෙනවා. එය කෙසේ සිදුවීද යන්න ගැන අපට සවිස්තාරාත්මක තොරතුරු නැහැ. අවම වශයෙන් ඔහුගේ සිරුරට කුමක් සිදුවීද යන්න ගැන අප දන්නේ නැහැ. නමුත් සැඟවී තිබෙන සියළුම දේ ගැන සෙවීමට අප කටයුතු කරනවා යැයි විදේශ අමාත්‍යවරයා කියා සිටියා.

ජමාල් කෂෝගී ගේ ඝාතනය පිළිබදව අදහස් පළකළ පළමු සෞදි බළධාරියා වන්නේද විදේශ කටයුතු ඇමතිවරයා වීම විශේෂත්වයක්.

ඉකුත් ඔක්තෝම්බර් 02 වෙනිදා තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලයට ගිය මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අතුරුදහන් වීමෙන් පසු සෞදි රජය ඔහු එම කාර්යාලයෙන් පිටව ගිය බව සදහන් කරමින් එකින් එකට වෙනස් ප්‍රකාශ කිහිපයක් සිදුකළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එරට සදහන් කරනවා.

“මෙය භයානක අත්වැරැද්දක් මෙන්ම කෲර ඛේදවාචකයක්. අපේ ශෝකය ජමාල් කෂෝගී ගේ පවුලේ අයට පළකරනවා. ඔවුන්ගේ වේදනාව අපට දැනෙනවා “යැයි සෞදි විදේශ කටයුතු ඇමතිවරයා කියා සිටියා.

“අවාසනාවකට, දැවැන්ත හා බරපතළ වැරැද්දක් සිදුව තිබෙනවා. මෙම සිද්ධියේ වගකිවයුත්තන්ට එරෙහිව සියළු අප අවශ්‍ය පියවර ගන්නවා” යැයි විදේශ කටයුතු ඇමති ඇඩෙල් අල් ජුබියර් මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ අතර තුර්කිය සදහන් කරන්නේ කිසිදු හේතුවක් මත මෙම ඝාතකයින් වෙනුවෙන් හෝ සෞදියට වාසි වන ලෙස තමන් කටයුතු නොකරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More