දැනට දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පිරවුම් හල්වල පෙට්‍රල් හිඟයක් ඇතිව තිබේ නම් එහි සම්පූර්ණ වගකීම එම ඉන්ධන හල් පිරවුම් කරුවන් භාර ගත යුතු බවත් ඛණිජ තෙල් සංස්ථාව සතු මුතුරාජවෙල, කොලොන්නාව තෙල් සංචිත වල කිසිදු අඩුවක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල් වලින් ලැබෙන ඇණවුම මත අඛණ්ඩව ඉන්ධන සැපයිය හැකි බවත් ලංකා ඛණිජ තෙල් සංස්ථා ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත කීය.
වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඔහු මෙසේ ද කීය.
දිවයිනේ සමහර ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වල පෙට්‍රල් නැති බවක් කියනවා නම් එහි සම්පූර්ණ වගකීම ඉන්ධන පිරවුම් හල් හිමියන් භාර ගත යුතුයි. තමන් සතු ඉන්ධන තොග මුළුමනින්ම අවසන් වන තුරු නොසිට සංස්ථාවට ඇනවුම් කර ඒවා ලබා ගැනීමෙන් අඛණ්ඩව ඉන්ධන තොග පවත්වාගෙන යාමටත් එමඟින් වැඩි ලාභයක් ලැබීමටත් ඉන්ධන පිරවුම් හල් හිමියන්ට හැකි වෙනවා. ඉදිරියේ දී ඉන්ධන හිඟයක් ඇතිවේය යන විශ්වාසය මුල් කර ගෙන පාරිභෝගිකයන් වැඩිපුර ඉන්ධන මිලදී ගැනීම සමාන්‍ය තත්ත්වයක්. නමුත් ඒ ඉන්ධන තොග කළමනාකරණය කරමින් ඒවා නිසි පරිදි පාරිභෝගිකයන්ට බෙදා හැරීමේ වගකීම ඉන්ධන පිරවුම් හල් හිමියන් සතුයි. තමන් සතු ඉන්ධන තොග අවසන් වන තුරු බලා සිට ඇණවුම් කිරීමේ දී සංස්ථාවෙන් නැවත ඉන්ධන ලැබෙන තුරු ඉන්ධන හිඟයක් ඇති වීම ස්වභාවිකයි. නමුත් ඒ ඉන්ධන හිඟයේ වරද ඉන්ධන පිරවුම් හල් හිමියන් විසින්ම භාර ගත යුතු අතර එය සංස්ථාවේ වරදක් නොවේ. එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...