රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර මගඩි සම්බන්ධයෙන් සොයාබලා කරුණු විමර්ශනය කොට වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් හා විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරකුගෙන්ද සමන්විතව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ පරීක්ෂණ හා විමර්ශනද එකී විමර්ශනයන්හිදී අනාවරණය කරගත් කරුණු තහවුරු කරගැනීම සඳහා පවත්වන ලද සාක්ෂි විභාගයද ඊයේ (20දා) දිනයෙන් නිමාවිය. තවත් ඉතිරිව ඇත්තේ කොමිසමේ නිර්දේශද සහිතව පරීක්ෂණ වාර්තා නිමවා ජනාධිපතිවරයාට භාරදීම පමණි. මෙම කොමිසමේ සාක්ෂි විභාගය ආරම්භ වූයේ 2017 පෙබරවාරි මස 19 වැනි දිනය.
එහි ප්‍රසිද්ධ සාක්ෂි විභාගය සඳහා අවසන් සාක්ෂිකරු වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කැඳවන ලද අතර ඔහුගේ නම සඳහන්ව ඇති කරුණු හා ඔහුගේ දැනුවත්භාවය මත සිදුවූ බවට නිරීක්ෂණ වූ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න 48ක් යොමුකොට කොමිසම ඔහුගෙන්ද දිවුරුම් ප්‍රකාශන සහිතව පිළිතුරු ලබාගත් අතර ඊයේ දිනයේ සාක්ෂි කූඩුවට නංවා දිවුරුම් පිට ඒවා තහවුරු කරගනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...