ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පෙරමුණක් හෝ සන්ධානයක් ගොඩනගා ගැනීමට කිසිදු නිල හෝ නොනිල මට්ටමේ සාකච්ඡාවක් පවත්වා නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා කියයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂය දිස්ත්‍රික්, ආසන සහ ග්‍රාමීය මට්ටමින් සංවිධානය වීම මේ වන විට ආරම්භ කර ඇති අතර අපේක්ෂක නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමද සම්පූර්ණයෙන් නිමකොට ඇති බැවින් ඇතැම් දේශපාලඥයන් මාධ්‍ය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මඩ ගැසීම පිණිස කරන ප්‍රකාශ වලට නොරැවටෙන මෙන් තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිසානායක මහතා කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...