පළාත් පාලන මැතිවරණයේ පාළාත් පාලන ආයතන 83 ක් සඳහා නාම යෝජනා බාර ගැනිමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා බාර ගැනීමට තිරණය කර තිබේ. අද මැතිවරණ කොමිසමේ පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය දැනුවත් කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
අභියාචානාධිකරණය විසින් සීමා නීර්ණය ගැසට් පත්‍රයට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළ බවත් ඒම ගැසට් පත්‍රයේ වාරනයට බලපෑමක් ඇත්තේ පළාත් පාලන ආයතන 203 කට බව එතුමන් පැවසීය. ඒ අනුව පළාක් පාලන ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් එහෙත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුදුන දොෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බව ප්‍රකාශ කළේය.
මේ සියළුම කරුණු සැලකිල්ලට ගනිමින් පළාත් පාලන ආයතන 93 ක් සඳහා මැතිවරණය පැවැත්විමේ කිසිඳු බාධාවක් නොමැති නිසා නොවැම්බර් මස 27 වන දා සිට නාම යෝජනා බාර ගැනීම සඳහා තේරීම්බාර නිලධාරීන්ට දන්වා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...