‘මේ දුරකථනය තියාගෙන ඔයා මෙතැන ඉන්න…යම් විදිහකින් මං නාවොත් තුර්කියේ ජනාධිපතිට පැමිණිලි කරන්න… මේ මාධ්‍යවේදී ‘‘ජමාල් ඛෂෝගි.. ඔහුගේ පෙම්වතියට දුන් උපදෙසයි. ඇයත් තම පෙම්වතා කී අන්දමින්ම තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජසම් කොන්සල් කාර්යාල පරිශ‍්‍රයේ රැඳී සිටියාය. එහෙත් ඔහු එදින ආවේ නැත. ඇය පසුවදා කාර්යාලය විවෘත කරන විටත් එතැනට ගිය ද ඔහු පැමිණියේ නැත.
කීර්තිමත් මාධ්‍යවේදියකු ලෙසින් සුවිශේෂීත්වයට පත්ව සිටි ‘‘ජමාල් ඛෂෝගි.. ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා රාජ්‍ය විශ්වවිiාලයේ උපාධිය ලබා එතැන් පටන් ඇෆ්ගනිස්තානය” ඇල්ජීරියාව” කුවේට් සහ සෞදි අරාබිය වැනි රටවල මාධ්‍යවේදියෙකු ලෙසින් සේවය කළේය. ඔහු සෞදි රජයේ ඔත්තු සේවාවට සම්බන්ධව කටයුතු කරමින් සිට ලන්ඩනයේ කාලයක් ජීවත් වූ අතර එහිදී ‘‘අල් ෆයිසාල්..සමග මිත‍්‍රත්වයක් ගොඩ නගා ගත්තේය. 2007 වසරේ නැවත සෞදිය බලා පැමිණි අතර බහරේන්හි ‘‘අල් අරාබ්.. සේවාවේ මෙන්ම ‘‘අල්ජසීරා ර්‍ණ එම්.බී.සී… වැනි මාධ්‍ය ආයතන සමග සම්බන්ධව කටයුතු කරන ලදී. කෙසේ වෙතත් ජමාල් ඛෂෝගි සවුදි රජය විවේචනය කිරීම නිසා ඔහු මුල් කර ගෙන ඔටුන්න හිමි කුමරු ‘‘මොහමඞ් බින් සල්මාන්.. කුමරු එතරම් ප‍්‍රසාදයක් දැක්වූයේ නැත. එහෙත් අරාබියේ විප්ලවීය වෙනසක් සිදු කිරීම ගැන බින් සල්මාන් ගොඩ නගා ගත් ප‍්‍රතිරූපය බිඳ දැමීමට ඛෂෝගිගේ නිර්දය විවේචන බෙහෙවින් උපස්ථම්භක වී තිබේ. අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමට අවසර දුන්නා… අරාබියේ සිනමා ශාලා විවෘත කළා… බින් සල්මාන් එසේ උදම් අනන විට ජමාල් ඛෂෝගි කියා සිටියේ ඔහුගේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ප‍්‍රතිපත්තියයි. ඇයි….? ඉස්ලාම් පූජකයන් සහ බුද්ධිමතුන් සිරකිරීම… ඔහු ප‍්‍රශ්න කළේය. මිලියන 1. 6 ක අනුගාමිකයින් පිරිසක් සමග සිටින ‘‘ජමාල් ඛෂෝගි.. ගේ සෑම ඉස්පිල්ලක්ම වගකීමකින් යුක්ත ප‍්‍රකාශ නිසා ඔටුන්න හිමි කුමරු සහ ජමාල් ඛෂෝගි අතර ඇති වුණ විරසකය දිගින් දිගටම පැවැතුනා මිසක එයට කොමාවක් හෝ ලැබුණේ නැත. ජමාල් ඛෂෝගි වත්මන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමගත් එතරම් ප‍්‍රසන්න පැහැදීමක් නැත. 2016 වසරේ ට‍්‍රම්ප් විවේචනය කිරීම නිසා
thambiya ‘‘ජමාල් ඛෂෝගි..ට ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ද එතරම් ප‍්‍රසාදයක් නැත. ජමාල්ගේ සමීපතයින් සඳහන් කරන අන්දමට පසුගිය මාස කීපයක් පුරාම ජමාල්ට සෞදි රජයේ ප‍්‍රධානීන්ගෙන් දුරකථන ඇමතුම් ලද බවත් ඒ සියල්ලෙන්ම සඳහන් වුණේ නැවත සෞදියට පැමිණෙන ලෙසට සහ එසේ පැමිණිවිට උසස් තනතුරක් ප‍්‍රදානය වෙනුවෙන් ඔවුන් සූදානම් බවයි. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ජමාල්ගේ පිළිතුර වූයේ සෞදි රජයේ හොඳ හොඳ ලෙසින් මෙන්ම නරක නරක සේ දැකීම හැරුණ විට වෙන කිසිදු පක්ෂග‍්‍රාහීබවක් ඔහුගෙන් අපේක්ෂා කිරීමට නොහැකි බවයි.
බැරැක් ඔමාබා සෞදි රජය සමග එතරම් සමීපතාවයක් නොමැති වුණත් ඩොනල්ඞ් ට‍්‍ර‍්‍රම්ප් කියා සිටියේ ‘‘ඔවුන් හොඳ මිනිස්සු….. බවයි. මේ නිසාම මෑතකදී ඔටුන්න හිමි කුමරු වොෂිංටනයේ සංචාරයට පැමිණි විට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බෑණනුවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ උපදේශක ‘‘ජාකොබ් කුෂ්නර්.. අතර මනා සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුර්කියට සම්බාධක පනවා ඇති අතර සෞදි අරාබිය විසින් ද තුර්කියට සම්බාධක පනවා තිබේ. මේ නිසා ජමාල් ඛෂෝගි වෙනුවෙන් ඇති අවදානම බොහෝය. මේ අතර තුර්කි රජය සෞදි කොන්සල් කාර්යාලයට දන්වා සිටින්නේ කැමරා පද්ධතියේ ජාකොබ් ඇතුළු වූ ආකාරය සටහන්ව ඇත්නම් ඔහු පිටව ගිය ආකාරයත් අනිවාර්යෙන්ම සටහන් විය යුතු බවයි. ඒ ගැන පිළිතුරු දෙමින් කියා සිටින්නේ ඒ පිළිබඳව ඔවුන් කිසිවක් නොදන්නා බවයි. මේ අතර ජමාල්ගේ පුත් කියා ඇත්තේ මෙය සෞදි පුරවැසියකුගේ අතුරුදන්වීමක් බවත් ඒ වෙනුවෙන් මූලිකත්වය දෙනු විනා දේශපාලනීකරණයට යොමු වීම කිසිසේත්ම තමා අපේක්ෂා නොකරන බවත්ය.
පුන්‍යා චාන්දනී ද සිල්වා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...