දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර හෙට(27) දිනයේ යළි සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ශව දෙකෙහි විශේෂ නියෝජිතයන් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවට පැමිණි බව ඊට සහභාගී වූ නියෝජිතයෙකු ප්‍රකාශ කළේය. දෙපාර්ශවයේ යෝජනා සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කර හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට තීරණය කෙරුණු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටියදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වීමේ ගැටළු පවතින බව අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනතාවට පිළිගත හැකි එකඟතාවකට එළඹෙන්නේ නම් ඉදිරි ඡන්ද විමසීම්වලදී එක්ව තරඟ කිරීම පිළිබඳ සළකා බැලිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More