එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්‌ත්‍රික් කිහිපයකට ඇප මුදල් තැන්පත් කළ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්‍ෂය අතර පවතින සාකච්ඡාවලට කිසිදු බාධාවක් නැතැයි එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර පවසයි.
දෙපාර්ශ්වය අතර මේ දිනවල පවතින සාකච්ඡා බිඳ දැමීමට ඇතැමුන් උත්සාහ දරමින් සිටින බව කී මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමේ පාපකර්මයට අප කිසිවකුත් හවුල් නොවන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට වාසියක් ලබාදීමේ කොන්ත්‍රාත්තුව කිහිප දෙනෙකු විසින් භාර ගෙන තිබෙන බව ද හෙතෙම කීවේය.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව පොදුජන පෙරමුණ හදිසියේම ඇපමුදල් තැන්පත් කිරීම ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය අතර පවතින සාකච්ඡාවලට බාධාවක් නැතැයි ද, පවතින සාකච්ඡා තවදුරටත් පවතින බව ද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...