දේශීය පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කොට ඇත.

අද පෙරවරු 9.00 නිකුත් කරන ලද මෙම නිවේදනය පැය 12ක් දක්වා වලංගු බව දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිවේදනයට අනුව

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300ක් පමණ බස්නාහිර දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුළං (පැයට කිලෝමීටර් 60-70 පමණ) බලාපොරොත්තු වේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි ඇතිවේ.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළ ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වේ. සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 90-100 දක්වා වැඩි විය හැක.

සෙසු මුහුදු ප්‍රදේශ වලට සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More