විදේශ පුවත්

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ඕනෑම අගමැතිවරයෙක් සමඟ වැඩ කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා කරයි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඉන්දියාව සමීපව හා විමසිලිමත්ව සිටිනවා. අපේ අසල්වාසීකම සහ ප්‍රජාතාන්ත්‍රික සබඳතා නිසා අප බලාපොරොත්තු වෙනවා ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් සහ ව්‍යවස්ථාපිත ක්‍රමවේදයකට කටයුතු කරයි කියා. අප ශ්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහයෝගීතාවය තවදුරටත් නොකඩවා ලබාදෙනවා යැයි ඉන්දීය විදේශ ලේකම් විජය ගෝඛාලේ මාධ්‍යවේදීන් හමුවේ එසේ තවදුරටත් ප්‍රකාශ කෙළේය.

ඉන්දියාව කවුරුත් ප්‍රමුඛත්වයෙන් සලකන්නේ නෑ. ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කරයි අගමැති විය යුත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද කියා.

එසේම අපි ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහනවා යැයි ඇතැම් මාධ්‍ය කරන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මෙසේද පැවසීය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුහදත්වය සඳහා නිරන්තරයෙන් කටයුතු කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති මහින්ද රාජපක්ෂ, අගමැති නරේන්ද්‍ර මෝදි ජනතා නායකයින්. ඒ නිසා මොවුන් ජනතාවගේ හදගැස්ම හඳුනාගත් නායකයන් බව පවසන්න කැමැතියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More