දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ ඒකාබද්ධ විපක්‌ෂය එකතු වීමට පැවැත්වූ සාකච්ඡා බිඳවැටුණේ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ “ඩීල්” දමන පිරිසක්‌ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටිය නිසා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
එම පිරිසට උවමනාව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයට ලබාදීමට බවද ඇමැතිවරයා කීවේය.

සාකච්ඡාවලදී මස්‌ රාත්තලම ඒකාබද්ධ විපක්‌ෂය ඉල්ලුවේ ඒ නිසා බවද ඩීල් දමන පිරිසගේ උවමනාවට ඒකාබද්ධ විපක්‌ෂයේ වැඩි පිරිසක්‌ අවනත වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හා ඒකාබද්ධ විපක්‌ෂයට එකට මැතිවරණයට තරග කිරීමට තිබූ අවස්‌ථාව මඟහැරුණේ යෑයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ආණ්‌ඩුවේ මැති ඇමැතිකම් ගන්න එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ සාකච්ඡා කළ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න දැන් මුළු රටම දන්නා බවද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More