ක්‍රොඒෂියාවේ හිටපු හමුදා ප්‍රධානියකු වූ ස්ලෝබදාන් ප්රාල්ජැක්ටර් ජාත්‍යන්තර අධිකරණය නියම කළ දඬුවම අසාධාරණ බව ක්‍රෝඒෂියා අගමැති ඇන්ඩ්රේඡ් ප්ලේක් ප්‍රකාශ කර ඇත.
මේ තීන්දුව ගැන අප කණගාටු වෙනවා යෑයි ඔහු කීවේය. තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ ස්ලොබදාන් සිය කෝට් සාක්කුවෙන් කුප්පියක් ගෙන එහි තිබූ වස පානය කර දිවි නසාගෙන ඇත.
හිටපු ලේඛකයකු මෙන්ම චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසත් කටයුතු කළ ස්ලෝබදාන්ගේ සිරුර ක්‍රෝඒෂියාවට ගෙන ඒම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැත.
මේ අතර යුද අපරාධ චෝදනා එල්ලවූ ස්ලෝබදාන්, ප්රාල්ජැක් ඇතුළු අනිකුත් හමුදා නිලධාරීන් හයදෙනා ජාත්‍යන්තර අධිකරණය වෙත බාරදීමට එකඟ වූයේ ක්‍රෝඒෂියාව විසින් යුරෝපා සංගමයට සම්බන්ධ වීමට ගත් තීරණය නිසාය.
යුරෝපා සංගමයට එකතුවීමට නම් යුද අපරාධ චෝදනා එල්ල වූවන් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව එම අධිකරණය ක්‍රෝඒෂියා රජයට බලකර තිබූ බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...