පුනරුත්තාපනය ලැබු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සමන්විත් ප්රජාතන්ත්රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂය ඉදිරි මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයින් අතර ඊයේ(03) යාපනය පිහිටි ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ජාවකින් අනතුරුව සේනාධිරාජා මහතා මේ බව පවසා ඇත.
එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත් ප්රජාතන්ත්රවාදී විමුක්තිකාමි සටන්කාමි පක්ෂයේ නියෝජිතයින් දෙමළ ජාතික සන්ධානය සමඟ එකතුවීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි දින දෙකක කාලය තුළ නිශ්චිවම ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධානය තුළ පවතින ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය, ප්ලෝට් සංවිධානය හා ටෙලෝ සංවිධානය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තෝරා ගැනීම සම්බන්ධයෙන් දසාකච්ජා පවත්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...