දේශීය පුවත්

2018 වසර සදහා වන අයවැය පිළිබද තෙවැනිවර කියවීමේ ජන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වු අතර එහිදී අයවැය පක්ෂව ජන්ද 155ක්ද විපක්ෂව ජන්ද 56ක් ද ලැබුණි

ඒ අනුව අයවැය තෙවැනි වර කියවීම වැඩි ජන්ද 99කින් සම්මත විය

වත්මන් යහපාලන ආණ්ඩු‍ව 2018 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පසු දින සිට එනම් 10 සිට 16 දක්වා අයවැය ‍පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්විණ.

අයවැය දෙවනවර කියවීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම 16දා පස්වරු 5.00 ට සිදුකළ අතර, 2018 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීම නොවැම්බර් 17දා සිට ආරම්භ විය‍.

‍අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්විණ.

2018 වසර සඳහා වන සමස්ථ වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තොම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More