දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන අය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13) පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.

පක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු පක්ෂය එකතු කරගැනීමේ වුවමනාවක සිටියත් ඉහත දෙදෙනා පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බව දයාසිරි ජයසේකර මහතා පැවැසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළේදැයි මාධ්‍ය මෙහිදී දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීය. එවැනි සාකච්ඡාවක් කළේදැයි තමා ස්ථිර වශයෙන්ම නොදන්නා නමුත් පක්ෂය නැවත එක්කාසු කරගැනීමට ජනාධිපතිවරයා විශාල කැපකිරීම් කළ බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ යනුවෙන් පක්ෂයක් ගම්වල නොමැති බවත් එවැනි පක්ෂයක් තිබුණා නම් මැතිවරණයෙන් පසු එම පක්ෂය නැත්තටම නැතිවන බවත් දයාසිරි ජයසේකර මහතා කීවේය. හෙට අනිද්දා වන විට ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුද දවස ගානේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙනු ඇති බවද හෙතෙම පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More