මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම ඊයේ දිනයෙන් අවසන් විය.
එහිදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග වැදීම සදහායි.
දෙපාර්ශවය සමගි කිරීම සදහා පැවති සියළු සාකච්චා බිද වැටී තිබියදී බණ්ඩාරවෙල නගර සභාව සදහා දෙපිරිස එක්ව මෙසේ එක් ලයිස්තුවක් දැමීම විශේෂත්වයකි.
මේ අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමණු බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක් සදහා පොහොට්ටුව ලකුණින් තරග වැදීම සදහා නාම යෝජනා බාර දී ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...