ව්‍යාපාරික පුවත්

මේ දිනවල අමු තේ දලු කිලෝවක් සඳහා ලැබෙන මිල රුපියල් 90කට ආසන්න මිලකට ඉහළ යෑමත් තේ වගාව සඳහා යොදන පොහොර වර්ගවල මිල පහත දැමීමත් සමඟ තේ දල්ලට හොඳ කලක් උදාවී ඇතැයි බළන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවීහු පවසති.

මේ දිනවල අමු තේ දලු කිලෝවක මිල රුපියල් 90කට ආසන්න මිලකට ඉහළ ගොස් ඇති බව තේ ගොවීහු කියති. ඉකුත් මාසවල අමු තේ දලු කිලෝවක මිල රුපියල් 70-75ක් අතර මිලකට පහත බැස තිබූ බව තේ ගොවීහු සඳහන් කරති.

එමෙන්ම තේ වගාව සඳහා යොදන කිලෝ 50ක පොහොර බෑගයක මිල ඉකුත්දා රජය මඟින් රුපියල් 1000 දක්වා අඩු කිරීමත් සමඟ තේ වගාවට පොහොර යෙදීම සඳහා යන වියදම විශාල වශයෙන් අඩුවීම විශාල වාසියක් බව ඔවුහු කියති. තේ වගාව සඳහා යොදන කිලෝ 50ක පොහොර බෑගයක මිල වෙළෙඳපොළේ ඉකුත් වසර කිහිපයකම පැවැතියේ රුපියල් 2800-3000ත් අතර ඉතා ඉහළ මිලකටයි.

ඒත් මේ දිනවල එය වෙළෙ¼දපොළේ රුපියල් 1000කට පවතී. ඉකුත් වසරවල තේ වගාව සඳහා යොදන පොහොර මිල ඉහළ යෑමත් අමු තේ දලු මිල පහළ වැටීමත් සමඟ බළන්ගොඩ ප්‍රදේශයේ ජනතාවට තේ වගාව එපා වී තිබුණු බව ගොවීහු පවසති. ඒත් මේ දිනවල ප්‍රදේශයේ ගොවීන් විශාල වශයෙන් අතහැර දමා තිබූ තේ වගාවන් නැවත එළිපෙහෙළි කර තේ වගාවට නැවත යොමුවන බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More