පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.
ඉන්දියාව – පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.
“පාකිස්ථානය ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන තුරු කිසිදු සංවාදයක් නොපවත්වන බවත් සාක් සමුළුවට සහභාගී නොවීටමද අපි තීරණය කර ඇතැයි” ඇය පැවසුවාය.
හැකි ඉක්මණින් සාර්ක් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.
2016 දී ඉස්ලාමාබාද් අගනුවර පැවැවූණු 19 වැනි සාක් සමුළුවටද ඉන්දියාව සහභාගී වී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...