ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් වෙන්වෙන්ව තරග කළද ඡන්දයෙන් පසු පක්‍ෂ දෙක එකතුවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම තරග කළද එහි සියලුදෙනා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් හැටියට බවත් එනිසා මැතිවරණයෙන් පසු පළාත් පාලන බලය පිහිටුවීමට දෙපාර්ශවයටම කිසිදු බාධාවක් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ඉතිහාසයේ කිසිදු අවස්‌ථාවක ප්‍රගතිශීලී කඳවුරු බිඳ දමා ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවත් එනිසා වෙන්වෙන්ව තරග කළද එහි වාසිය කිසිකෙනෙකුට ගත නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
මැතිවරණයට පෙරම පක්‍ෂ දෙක එකතුවීමට සාකච්ඡා පැවැත්වූ බවත් අවාසනාවකට එය බිඳවැටුණද, මැතිවරණයෙන් පසු බලය පිහිටුවීම සඳහා යළි එකතුවීමට හැකියාවක් ඇති බවත් පෙන්වා දුන් ඇමැතිවරයා ඉතිහාසයේදීත් ප්‍රගතිශීලී පක්‍ෂ එකතුවී පුටුව ලකුණින් තරග කර බලය පිහිටුවූ අවස්‌ථා තිබෙන බවත් කියා සිටියේය.
කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රුවන්වැල්ල ප්‍රදේශයේ ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ ශ්‍රීලනිපය එජාපයත් සමග තිබෙන දීගය අත්හැරිය යුතු බවත්, එසේ වුවහොත් පමණක් එක්වීම ගැන සිතා බැලිය හැකි බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...