ජෝර්ජියාවේ පැවති ජනාධිපතිවරණයෙන් සලෝමේ සුරාබිෂ්විලී ජයග්‍රහණය කරමින් එරට තේරීපත් වූ ප්‍රථම ජනාධිපතිනිය බවට පත්ව තිබේ.
මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය ලැබෙන විට ප්‍රංශයේ උපත ලබා ඇති හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන සුරාබිෂ්විලී 59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර, ඇයට තරගයක් ලබාදුන් ග්‍රිගෝල් වෂාඩ්සේ ලබාගෙන ඇත්තේ 40%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
එමෙන්ම, මෙම මැතිවරණයේදී එරට පාලක පක්ෂය වන ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය ඇයට සහාය දක්වා ඇති අතර, ප්‍රතිවාදී අපේක්ෂකයාට එක්සක් විරුද්ධ පක්ෂ සන්ධානය සහාය දක්වා තිබේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී ජෝර්ජියාව වෙත පැමිණෙන නව ව්‍යවස්ථාව අනුව එරට ජනපති ධුරය බොහෝ සෙයින් නාමමාත්‍රික තත්ත්වයකට පත්වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජනපති ලෙස පත්වීමෙන් පසුව ඇය පවසා තිබුණේ තමන් යුරෝපය මෙන්ම රුසියාව සමගද වඩාත් සමබර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...