දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක්, හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් පිරිසක් සමග පෙරේදා(27) මුලතිව් පුතුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවඥානම් ශ්‍රිධරන් සහ චාල්ස් නිර්මලනාදන් එම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

පුනරුත්තපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් හරහා මෙවර පලාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට සහයෝගය ලබාගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇති බව වාර්තා වේ.

හිටපු එල්.ටී.ටී.ඊ නායකයින් වෙත දමිළ ජනතාව තුළ තවමත් ප්‍රසාදයක් පවතින බැවින් එය උපයෝගී කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී තිබේ.

පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ ප්‍රබලයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More