දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය යොදා නොගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ පක්‍ෂයේ නිර්මාතෘවරුන්ගේ ඡායාරූප පමණක්‌ යොදාගන්නා බවත් ජනතාව ප්‍රතික්‍ෂේප කළ නායකයන්ගේ ඡායාරූප පක්‍ෂයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගැනීමට තරම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බංකොලොත් නැති බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රධාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජනතාවගෙන් ජන වරමක්‌ ඉල්ලන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසිදු පාලනයක්‌ සඳහා බවද ඒ සඳහා ජනාධිපතිවරයා තරම් සුදුසු වෙනත් නායකයෙක්‌ නැති බවද ඇමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More