දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මෙතෙක් නිම වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කෙරිණ. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ එවක කෘෂිකර්ම අමාත්‍ය පදවිය හෙබවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව 2007වසරේ ජනවාරි 25වන දා වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය විවිධ හේතූන් මත ප්‍රමාද කෙරිණ. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමත් සමග නැවත වැඩ ඇරඹූ මෙය කඩිනමින් නිමාවට පත්කකෙරිණ. කොන්ක්‍රීට් වේල්ලක්, පස් වේල්ලක් සහ කළු ගල්පිරවූ වේල්ලක් යන ‍වේලි තුනකින් යුත් මෙරට එකම ජලාශය ද මෙය වේ.

මින්, අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා ලක්ෂ 15කට අධික පිරිසකට සෙත සැලසෙන අතර ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයේ. මෙය ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක ව්‍යාප්ත වකුගඩු රෝගය අවම කිරීමට ද හේතුවන බව විද්‍යාඥයෝ අනුමාන කරති. ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසකි. එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 6ගුණයක් යැයි කියනු ලැබේ.

මොරගහකන්ද සහ ඊට සම්බන්ධ කළුගඟ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම, උතුරු මැද, වයඹ, හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට දියවර සැපයෙනු ඇත. මෙම ජලාශයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 25 කි.

මේ අතර අගනුවර රථ වාහන තදබදයට සැලකිය යුතු විසදුමක් ගෙන එනු ඇතැයි සැලකෙන රාජගිරියේ ගුවන් පාලමද අද (08) පෙරවරුවේ ජනතා අයිතිය පැවරින.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More