ප්‍රංශය පුරා පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වෙළෙඳ සංගම් හා සේවක සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තීරණය කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හරහා ජනතාව අමතා ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට ද නියමිතය.
ඉන්ධන බදු, ජීවන වියදම සහ ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයකට එරෙහිව ප්‍රංශයේ ඇති වූ විරෝධතා රැල්ල සිවුවැනි සුමානය දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. මේ වන විට “කහ කබාකරුවන්” 136,000ක් පමණ වීදි බැස විරෝධතාවයේ නිරත වී සිටින අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ 1,200කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් වී ඇත.
මෙමගින් වැඩිම හානිය සිදු වී ඇත්තේ පැරීසියටය. ජනේල බිඳ දමා, මෝටර් රථ පුළුස්සා, කඩ සාප්පු වසා දැමීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ. මේ තත්ත්වය හමුවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු වන බව ප්‍රංශයේ මුදල් අමාත්‍ය බෲනෝ ලෙ මෙයර් ප්‍රකාශ කර තිබේ. ප්‍රංශයේ අයිෆල් කුලුන හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට ද පසුගිය සතියේ රජය පියවර ගෙන තිබුණි.
විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් නිසා වෙළෙඳසල් ගණනාවකටම අලාභ හානී සිදු වූ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් බවද එහිදී පොලිස් නිලධාරින් තිදෙනෙකු සමග පුද්ගලයින් 126 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “කහ කබා” විරෝධතාකරුවන්ගේ විරෝධතා පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට සිදු විය.
ශ්‍රී ලංකාවේ සංචාරයට අනතුරු අගවන බටහිරේ බලවතෙක් වන ප්‍රංශයේ තෙල් මිල වැඩි කරහම මරාගන්න මී හරක් .
ශ්‍රී ලංකාවේ සංචාරයට අනතුරු අගවන බටහිරේ බලවතෙක් වන ප්‍රංශයේ තෙල් මිල වැඩි කරහම මරාගන්න මී හරක් ..අනුන්ගේ රටවල කෙසේ වෙතත් තමන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කල යුතුය
Gepostet von Siyapatha am Montag, 10. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...