දේශීය පුවත්

බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි මුල් පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (08) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදී තිබේ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් තමාටද චෝදනා එල්ල වී තිබුණත්, එහි කිසිඳු සාධාරණයක් නැති බව මෙම ඉල්ලුම්පත භාරදී පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

එබැවින් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා මෙසේ බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටින බව ද මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

බැදුම්කර වාර්තාව තුළින් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ නිකුතුව තිබීම ඉතා අසාධාරණ එකක් වන බවත් ඒ අනුව අදාළ වාර්තාවේ මුල් පිටපත් වහාම ලබා දෙන ලෙසත් රවී කරණානායක මහතා සඳහන් කළේය.

ඉදිරිපත් කර ඇති ප්‍රකාශයේ එක්සත් ජාතික පක්ෂ ඉලක්ක කර ගනිමින් අසාධාරණ ලෙස සිදුකර ඇති බවත් හිටපු බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතගේ වන්දි බට්ටයන් යොදවා තොරතුරු ලබාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පැවසී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More