ජනපති නිසි පරිදි කඩුව වැනුවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් කැපී යා යුතුව තිබූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.
“අද වගේ දවසක තමයි මේ රටේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රට පාලනය කරන්න වරම දුන්නේ. වෙනත් වචනවලින් කිව්වොත් ජාතික කොඩියේ ඉන්න සිංහයා අතේ තිබෙන කඩුව ජනාධිපතිවරයාට භාරදීලා අදට වසර තුනක් වෙනවා. ජාතික කොඩියේ සිංහයා අත තියෙන කඩුව සංකේතවත් කරන්නේ ජනතා බලය හා යුක්තියයි. ජනතාව මේ කඩුව ජනාධිපතිවරයා අතට දුන්නේ ජනතාව වෙනුවෙන් යුක්තිය උදෙසා භාවිත කරන්න. අවාසනාවකට අපේ ජනාධිපතිවරයා වසර තුනක් පුරාවට අලංකාරයට කඩුව අතේ තියාගෙන හිටියා මිස වැඩක් අරන් නෑ. ජනාධිපතිවරයා කඩුව හරියට වැනුවා නම් බැඳුම්කර වංචාවට අගමැති කැපෙන්න ඕනා. අල්ලස් වරදට රවී කරුණානායක මන්ත්‍රීවරයා කැපෙන්න ඕනෑ. කැලෑ විනාශයට බදියුදීන් ඇමතිතුමා කැපෙන්න ඕනෑ. නමුත් එහෙම සිදු වෙලා නෑ.”
“ජනාධිපතිතුමන් මීට සති දෙකකට පෙර ඔන්න මම කඩුව වනනවා කවුරු කැපෙයිද දන්නේ නෑ කියලා කිව්වම සමස්ත ජාතියම මහත් බලාපොරොත්තු තබාගෙන ජනවාරි තුන ජාතිය අමතනවා බලා ගෙන සිටියා. ඒ කඩු හරඹයක් බලාපොරොත්තුවෙන්. කඩුව නම් වැනුවා තමයි. ඒත් කැපුණු කෙනෙක් නම් නෑ. මේක හරියට කමින් සූන් ට්‍රේලර් එකේ කඩුව අරගෙන එනවා පෙන්නලා චිත්‍රපටිය බලන්න ගියාම එක සටන් ජවනිකාවක්වත් නැති කඩු නැටුමක් පමණක් තිබුණා වගේ වැඩක්. ජනාධිපතිවරයා අද සිටවත් හරියට කඩුව වන්න සූදානම් නම් අන්න ටොප් ටෙන් දූෂණ පැමිණිලි දහය තවමත් අල්ලස් කොමිසමේ පුස් කකා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එතුමන්ට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්” යැයිද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...