විදේශ පුවත්

වොෂින්ටන් පෝස්‌ට්‌ මාධ්‍යවේදි ජමාල් කශහෝගිගේ සිරුර කැබලිවලට කපා ඇත්තේ සෞදි අභ්‍යන්තර ආරක්‌ෂක අමාත්‍යාංශයේ සේවය කරන වෝහාරික වෛද්‍ය සලා ටුබායිහි බව ඇමරිකානු සී.එන්.එන්. රූපවාහිනිය හෙළිකර ඇත.

මේ සඳහා ඇටකටු කපන කියතක්‌ භාවිත කර ඇත. මෙම බිහිසුණු අපරාධය කළ වෝහාරික වෛද්‍යවරයාගේ කටහඬ පටිගත වී ඇති බව සී.එන්.එන්. රූපවාහිනිය කියා සිටියි. ඔහු තමා සමග සිටි ඝාතක කණ්‌ඩායමට පවසා ඇත්තේ කෂහෝගි කෑගසන විට කන්වල ඉයර්ෆෝන් පැලඳ ගන්නා ලෙසයි.

එසේම කෂහෝගි “මට හුස්‌ම ගන්න අමාරුයි” යනුවෙන් කෑගසන හඬ පටිගත වූ ටේප් පටිවල ඇති බව සී.එන්.එන්. රූපවාහිනිය කියා සිටියේය.

ඝාතනයට ලක්‌වූ කෂහෝගිගේ සිරුර මෙතෙක්‌ හමුවී නැති අතර සිරුරු කොටස්‌ ඇසිඩ් බඳුන්වල දමා විනාශ කර ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර ඇමරිකානු මාධ්‍ය පැවසුවේ සෞදි අරාබියාවේ ඔටුන්න හිමි කුමරා භයානක පුද්ගලයෙක්‌ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More