මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයක් බවත් එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු දේ මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන මෙන් ආණ්ඩුකාරතුමන්ගෙන් ඉල්ලා සිටින බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ(08) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලීය නව අවුරුදු සැමරුම් අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක්වු ප්‍රධාන අමාත්‍යවරයා,
නව වසර හා නව ආණ්ඩුව අතර විශාල බැඳීමක් දක්නට ලැබෙනවා. එනම් වසරක ආරම්භය හොදින් පවතිනවා. කාලය ගතවෙන්න වෙන්න විවිධ ගැටළු මතුවෙනවා. ඒවගේම ආණ්ඩුවක් ආරම්භ වන විට හොඳ ආරම්භයක් සනිටුහන් කරනවා. එහෙත් ඒ අතරතුර විවිධ ගැටළු වලට මුහුණපෑමට සිදු වන නිසාත් මහජනතාවගේ විවිධ විමර්ශන වලට ලක් වන නිසාත් ඔවුන්ට ආරම්භයේ සිටි ආකාරයටම දිගින් දිගටම කටයුතු කිරීමට අපහසු වෙනවා.
එමෙන්ම මෙවර පළාත් සභාව 5වන වසරට පය තබන අතර මෙහි කාලසීමාව අවසන් වීමට ඇත්තේ තව මාස කිහිපයකි. එබැවින් පසුගිය වසර වලදී ලබා ගැනීමට නොහැකි වූ සියලු දේ මෙම වර්ෂය තුළදී ලබා දීමට කටයුතු කරන මෙන් ගරු ආණ්ඩුකාරතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රධාන අමාත්‍ය අරමුදල මේ වසරේ හෝ ලබා දෙන්නේ නම් මම ස්තූතිවන්ත වෙනවා. ලේකම්වරුන්ගේ මාරුවීම් පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. නව වසරේ ප්‍රථමයෙන්ම සියලු සර්වාගමික නායකවරුන්ගේ ආශිර්වාදය ලබාගත් අපහට 2018 වර්ෂය පුරාවටම ඔබ සියලුදෙනාගේ ප්‍රාර්ථනාවන් ඉටුවන සාමය සතුට පිරි සුභ නව වසරක් වේවායැයි ප්‍රාර්ථනා කරමි.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා,
“නව වසරේ සිතේ නව සිතුවිලි ඇති කරමින් අප මුහුණ දෙන සියලුම ගැටළු වලට විසඳුම් සෙවිය යුතුයි. නව සිතුවිලි සිතේ ඇති කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයකි. අපේ රටේ අපේ දේශයේ පවතින ගැටළු වලට විසඳුම් සෙවීමේදී පරණ සිද්ධාන්ත වලට පිටින් කටයුතු කළ යුතුයි. අපේ සිතුවිලි සියල්ල නව මාවතක ගමන් කළ යුතුයි. අපි එක්සත්භාවය සාමය පිළිබඳ කතා කරනවා. ඒවා ප්‍රදර්ශනය කරනවා. එහෙත් මේ කිසිවක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ නෑ.
මා මේ මොහොතේ දී මතක් කිරීමට කැමතියි මාගේ පෙර මිතුරෙක් මාක්ස්වාදියෙක් හිටියා. ඔහු වතාවක් මට කිව්වා දවසක් ඔහුට සිගමන් යදින පුද්ගලයෙකු හමු වූ බවත් ඔහු මාගෙන් සත දහයක් ඉල්ලූ බවත් එවිට මා එය දිය නොහැකි බව පවසමින් අපේ මාක්ස්වාදයට එක්වී නව වෙනස්වීම් වෙනුවෙන් සටන් කරමු කියා පැවසුවා. එහෙත් අපි දුප්පතුන් උදව් ඉල්ලන විට ක්ෂණිකව උදව් කළ යුතුයි. අසරණ ජනතාවගේ ඉල්ලීම් සපුරා දිය හැකි අන්දමින් අප වැඩ කළ යුතුයි. අසරණ තත්වයක සිටින ජනතාවට උදව් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ මෙන්ම ලෝකය පුරා සිටින ජනතාවට එනම් සිංහල ජනතාවට පමණක් නොව, දෙමළ ජනතාවට පමණක් නොව, මුස්ලීම් ජනතාවට පමණක් නොව සියලු ජනතාවට සතුට සාමය සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.
ඔබ දන්නවා උතුරු පළාත් සභාව අවසන් වීමට ඇත්තේ තව වසරකට අඩු කාලයක්.ඉදිරි කාලයේදී මහජනතාවගේ යහපත පිණිස අප සියලුදෙනා කටයුතු කළ යුතුයි. මධ්‍යම රජය හා පළාත් සභාව අතර පවතින සහයෝගිතාවය රටේ සංවර්ධනයට පිටිවහලක්. මහජනතාවට යහපතක් සලසන්නට නම් එම සහයෝගිතාවය සැමදා රඳා පැවතිය යුතුයි. මම ඔනෑම මෙහොතක පළාත් සභාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටිනවා.පළාත් සභාවල සියලුම මන්ත්‍රිවරුන්ට සියලුම අමාත්‍යවරුන්ට තම ප්‍රදේශයේ ජනතාවට සේවයක් කිරීමට මාගේ සහය ලබා දෙනවා.
මෙම අවස්ථාවට සිසු දරුවන්ද පැමිණ සිටිනවා. ගණිත අංශයෙන් එක් දරුවෙක් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. ඇත්තටම මා ඒ ගැන සතුටු වෙනවා. උතුරු පළාතේ ඇති ගැටළු වලට හොඳම විසඳුම අධ්‍යාපනයයි.“ යැයිද ඔහු පැවසී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...