රාජපක්ෂ වරුන් තමන් සතු දේ විකුණා දේශපාලනය කළා මිස කිසිදා සොරකම් කර නොමැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩිදුරටත් කථා කළ මර්වින් සිල්වා මහතා මෙසේද කීය.
‘මට ඡන්දෙ ඉල්ලන්න ඉඩක් නොලැබුණේ චන්ද්‍රිකා නෝනගේ වැඩක් හින්දා. එයාලා වෙන වෙන ජාතීන් එක්ක ලව් කරලා ඒ අයට රටක් දෙන්න තමයි හදන්නේ. නාම යෝජනා නොලැබුණාට රාජපක්ෂලා එක්ක මගේ තරහක් නෑ. අපි මේ රටේ අත්දෙක පද්දලා යන්නේ ඒ අයට පින්සිද්ධ වෙන්නයි. ඒ රජයේ කටයුතු කිරීමට ලැබීම අපෙත් පිනක්.’
වැඩිදුරටත් අදහස් පළ කළ මර්වින් සිල්වා මහතා මෙසේද කීය.
‘වර්තමාන ජනාධිපතිතුමා මොරගහකන්ද පටන්ගත්තේ මහින්ද මහත්තයා ජාධිපති වෙලා ඉන්න කාලේ මහවැලි ඇමති හැටියටයි. මමත් රුහුණේ කෙනෙක් හැටියට කියනවා රාජපක්ෂවරු හොරු නෙමෙයි කියලා.’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...