ජනතා විමුක්‌ති පෙරමුණ ආණ්‌ඩු විරෝධීන් තමන් වෙතට ගෙන යළිත් ආණ්‌ඩුව ශක්‌තිමත් කිරීමේ කටයුත්තක නියෑළී සිටින බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ එසේ ප්‍රකාශ කර සිටියේ ඊයේ (09 දා) ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී “එළිය” සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.
නව ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ අවස්‌ථාවේදීම මමත්, තවත් කිහිප දෙනකුත් ජනාධිපතිතුමා හමුවුණා. එම අවස්‌ථාවේදී අලුත් ව්‍යවස්‌ථාවක් හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක් නොකරන බව අපත් සමඟ පැවසුවා. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා උපත ලබා නැති ළමයෙකුට උප්පැන්න හදන බව. තවදුරටත් ඒ පිළිබඳව සොයා බලන කොට මෙරට ඒකීය භාවයට හෝ බුද්ධාගමට හිමි තැන අහිමි නොවන බව ප්‍රකාශ කළා. නමුත් තවදුරටත් ඒ පිළිබඳව සොයා බලන කොට තමයි අපට දැනගන්න ලැබුණේ මේ රට නමට පමණක් ඒකීය වූ පෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමට කටයුතු කරන බව. ඔරුමිත්තනාඩු වැනි වචන ඉස්‌මතු වූයේ එම අවස්‌ථාවේදී තමයි. ඒ වගේම ඒකීය රාජ්‍යය යන්න හැඳින්වීම සඳහා යොදන “යුනිටරි” යන වචනය වෙනුවට මේ රට ඉංග්‍රීසියෙනුත්, ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්වීමට සූදානම් වන බව අපට දැනගන්නට ලැබුණා. එම අවස්‌ථාවේදී අපි ඒකීය රාජ්‍යය ආරක්‌ෂා කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළා.
මේ මොහොත වන විට නව ව්‍යවස්‌ථාවක් ගෙන ඒමට ගෙන ගිය ව්‍යාපාරය නිද්‍රාවට වැටිලා. ඉදිරියේ දී ඡන්දයක් පැවැත්වීමට නියමිත නිසා එම තත්ත්වය ඇතිවී තිබෙනවා. නමුත් එම ක්‍රියාදාමය ඇතුළතින් ක්‍රියාත්මක වනවා.
පසුගියදා බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදැක්‌වූවා. එම වංචාව නිසා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වී තිබෙනවා. එම වංචාවට සම්බන්ධ වූ අයට දඬුවම් කරනවා කියන තැනට මෙම ප්‍රශ්නය ලඝූ කරනවා නම් අපි තරම් මෝඩ පිරිසක් තවත් නෑ. රවි කරුණානායකට, අර්ජුන මහේන්ද්‍රන්ට දඬුවම් දීල නිහඬ වනවා නම් වැඩක් නෑ. අධිරාජ්‍යවාදී රටවල් ප්‍රබල වෙමින් පවතින රටවල් දුර්වල කිරීම සඳහා ආර්ථික ඝාතනයන් සිද්ධ කරනවා. ලෙඩ රෝග බෝ කරනවා, ජාතීන් අතර යුද්ධ ඇති කරනවා. මෙම බැඳුම්කරය හරහා මේ රටේ ආර්ථිකය අවුල් කළා. මේ නිසා යුරෝපයේ රටවල්වලට අපේ රටට අත පෙවීමට අවස්‌ථාව උදාවී තිබෙනවා. එම නිසා මෙම බැඳුම්කර වංචාව සාමාන්‍ය වංචාවකට, දූෂණයකට සීමා නොකළ යුතු වනවා.
මෙම වංචනිකයන්ට දඬුවම් කිරීම සඳහා ජනාධිපති තුමාගේ කඩුව දිග නැද්ද, මුවහත් නැද්ද කියන ප්‍රශ්නය මතු වෙනවා. එම වැඩපිළිවෙළ හරහා මිස්‌ට ක්‌ලීන්ගේ නම ආරක්‌ෂා කිරීම සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. එම නම ආරක්‌ෂා කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහායි.
ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා – මෙම වසර තීරණාත්මකයි. එම නිසා ජනතාව මනසින් තීරණ ගත යුතුව තිබෙනවා. අපේ සතුරා කවුද? අධිරාජ්‍යවාදීන් මේ රට විනාශ කිරීමේ නියෑළී සිටිනවා.
1815 දී ඉංග්‍රීසින් පළමුවෙන්ම රදළයන් අල්ලා ගත්තා. ඒ සමඟම එවකට සිටිය රජු නරක රජෙක් බව ප්‍රචාරය කළා. නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ට දැනෙන යුද්ධ 3 ක් කළා. නමුත් ඉංග්‍රීසින් ජෝන් ඩොයිලිට සරම අන්දල, බුලත් කවල රජුට එරෙහිව යොදවනවා.
පෙබරවාරි 10 වැනිදා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. දැන් මල් පිපෙන කාලය, පොහොට්‌ටු පිපෙන කාලය උදාවී තිබෙනවා. මේ මල් ඔබට වාසනාව ගෙන එනවා ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...