බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක කරූ ජයසූරිය මහතා අද(10) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කථානායකවරයා මේ පිළිබඳව සභාව දැනුවත් කළේය.
මේ අතර අගමැතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව ඇමතීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරීව පාර්ලිමේන්තු මධ්‍යට පැමිණ අගමැතිගේ කතාවට බාධා කළ අතර ඒ හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී වාතාවරණය තුළ මේ වන විට පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.
කෙසේ වුවද නැවත පක්ෂ නායක රැස්වීම සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බව ද කථානායකවරයා දැනුම්දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...