අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙන විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කරති.
අද(16) උදැසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
මෙම විශ්වාස භංග යෝජනාව සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම මෙහිදී පවරා තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාටය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගතයුතු ක්‍රියාමාර්ග සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...