ජනපති ධුර කාලය වසර 5ක්ද 6ක්ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් විමසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදුන්නේ කවුද කියා සෙවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂඨයෝ පිරිසක් සූදානම් වෙති.
19 වෙනි ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති ධුර කාලය වසර 5ක් බව පැහැදිලිව සඳහන් වෙද්දී එය වසර 5ක්ද 6ක්ද යනුවෙන් ශ්‍රේෂඨාධිකරණයෙන් විමසීමට තීරණය කිරීම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට යම් දේශපාලන අවාසියක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේෂඨයින් පිරිසගේ අදහසයි එම නිසා දිරච්ච ලණුවක් ලබාදෙමින් මෙම වැරදි උපදෙස් ලබාදී ජනාධීපතිවරයා අපහසුතාවකට ලක්කළේ කවුරුන්ද එය කුමන අරමුණකින් සිදුකළාද යන්න කඩිනමින් සෙවීමට එම ජේෂ්ඨයින් සුදානම් වී සිටී. මෙම ජේෂඨයින් පිරිස අතර කැබිනට් මණ්ඩලය නියෝජනය කරන නීතීඥයින් වන අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටිනබවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...