ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී එක්දින තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සඳහා පැමිණි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ එතැනට පැමිණ ඇමතිවරයා සහ සභාපතිවරයා අසළ ස්ථානයේ වාඩීවි තිබෙනවා.
එතන අසළ සිටි කිහිප දෙනෙක් අසංක ගුරුසිංහට පුටුවක වාඩිවන ලෙස දැන්වුවද ඔහු එයට ඇහුම්කන් දී නැහැ.
කෙසේ නමුත් ඒ අසළට පැමිණි මාධ්‍යවේදීන් ඡායාරූප කිහිපයක් ගැනීමත් සමග ඇමති දයාසිරි ” නැගිටින්න.. නැගිටින්න.. නැත්නම් හෙට ඕකත් මිඩියාවල වැටෙයි ..” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා..
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද කළමණාකරු අසංක ගුරුසිංහට නැගිටින ලෙස පැවසුවද ගුරුසිංහ ඊට සවන් නොදුන් නිසා මද වෙලාවකින් ක්‍රීඩා ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව ගොස් ඇත.
එවිට ගුරුසිංහද ජනේලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගොස් තිබෙනවා.
කෙසේ නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු අසංක ගුරුසිංහ කළමණාකාරීත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පළවන අතර එයට හේතුව ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ පැමිණිලි බව සදහන්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...