යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම අත්හිටුවීම සඳහා කොසවෝ පාර්ලිමේන්තුව ක්‍රියා කළහොත් කොසවෝ දේශපාලකයන්ට බරපතළ විපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත.
සර්බියානුවන්ට එරෙහිව ඇල්බේනියානු කොසවෝ ජාතිකයන් යුද අපරාධ කළ බවට චෝදනා එල්ලවී තිබූ අතර ඒ පිළිබඳව අධිකරණයක් ස්‌ථාපිත කිරීමට කොසවෝ රජය එකඟ වී තිබුණි. එහෙත් කොසවෝ පාර්ලිමේන්තුව යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම අත්හිටුවීම සඳහා වූ පණතක් සම්මත කිරීමට තීරණය කර ඇත.
මේ ගැන වාර්තා වූ විගස කොසවෝහි ඇමරිකානු තානාපති ග්‍රේග් ඩෙලවි පැවසුවේ කොසවෝ ආණ්‌ඩුවට සහ දේශපාලකයන්ට නරක ප්‍රතිවිපාකවලට මුහුණපෑමට සිදුවන බවයි.
ඇමරිකානු තානාපතිගේ මේ තර්ජනය ගැන කොසවෝ රජය මෙතෙක් ප්‍රකාශයක් කර නැත.
සංස්‌කරණය කීර්ති වර්ණකුලසුරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...