උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා තමන් අතර දෙවන හමුව වියට්නාමයේ හැනෝයි නගරයේදී සිදු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් මේ බව අනාවරණ කළා.
උතුරු කොරියානු නායකයා හමුවන්නේ වියට්නාමයේ කුමන නගරයේදී ද යන්න ජනාධිපති ට්‍රම්ප් නිල වශයෙන් අනාවරණ කළ පළමු අවස්ථාව මෙයයි. තමන් හා උතුරු කොරියානු නායකයා අතර දෙවන හමුව වියට්නාමයේ සිදුවන බවට ජනාධිපති ට්‍රම්ප් ඉකුත් අගහරුවාදා ප්‍රකාශ කළත් ඒ කුමන නගරයේදී ද යන්න මෙතෙක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.
අමෙරිකාව වියට්නාම යුද්ධය ලෙසත්, වියට්නාමය අමෙරිකානු යුද්ධය ලෙසත් හඳුන්වන, වියට්නාමයේ පැවැති සිවිල් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූයේ හැනෝයි නගරයයි. එම යුද්ධයෙන් සිවිල් වැසියන් ඇතුළු මිලියන ගණනක් ජිවිතක්ෂයට පත්වූ අතර පසුව වියට්නාමයට යළි නැගී සිටීමට සහය ලබා දුන්නේ ද අමරිකාවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...