ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලු ජනාධිපති කොම්සම් වාර්තාව සහ බරපතල වංචා, දූෂණ ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තා 34 හෙට (23) දින තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
සාක්ෂි විමසන ලද භාෂාවෙන්ම මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා අද (22) දින කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයින් එකඟවූ බවද කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම ජනාධිපති කොමිසම් වාර්තාවල ඊට අදාළ පරිවර්තන කටයුතු මේ වන විට සිදුකරගෙන යන බවත් එම පරිවර්තන වාර්තාද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද හෙට දින එය විවාදයට නොගන්නා බවත් විවාදය පැවැත්වෙන දිනය ගැන සාකච්ඡා කිරීම සඳහා (24) දින පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...