අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පදිංචිව සිටි කිරුළපන නිවසට පසුගිය බදාදා උදයේ පොලිස් කණ්ඩායමක් පැමිණියෝය. එහිදී හිටපු නාවික හමුදාපතිවරයා පිළිබඳව විමසා බලන ලද පොලිසිය, ඔහු එහි නොසිටි බැවින් ආපසු හැරී ගොස් තිබුණි. මෙම පොලිස් නිරීක්ෂණය සඳහා පදනම වැටෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග සිදු කරන ලද විශේෂ සාකච්ඡාවක් අනුවය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පවසා ඇත්තේ, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම සඳහා තමන්ට අවශ්‍ය බවය. මෙම ඉල්ලීම පිළිබඳව කිසිවක් පවසන්නේ නැතිව ජනාධිපතිවරයා එම රැස්වීමෙන් නැගිට යෑමත් සමග සිය රණවිරු දඩයම සඳහා අවශ්‍ය අනුමැතිය ජනාධිපතිවරයා වෙතින් ලැබුණා සේ පිළිගත් පොලිසිය අද්මිරාල් කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම පිණිස මාංචු කුට්ටම් පිසදා එළියට ගෙන තිබේ.
අද්මිරාල් කරන්නාගොඩට මාංචු…?
ශ‍්‍රී ලංකා නාවික වංශකතාවේ බිහිවූ විශිෂ්ටතම සෙන්පතියා අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. ප‍්‍රභාකරන් ඇතුළු ඊළාම් නඩය පරාජය කරනු පිණිස සමුදුරේ දී ඔහුගේ නායකත්වයෙන් නාවික හමුදාව දක්වන ලද රණ ශූරත්වය නොවන්නට යුද ජයග‍්‍රහණය යන්න ශ‍්‍රී ලංකාවට බලාපොරොත්තුවක් පමණට වන්නට ඉඩ තිබුණි. එල්ටීටීඊයේ පාවෙන අවි ගබඩා විනාශ කිරීම නොවන්නට, යුද්ධයේ කතාව මීට වඩා බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණි. ඒ සඳහා නායකත්වය දෙමින් නාවික හමුදාව මෙහෙයවන ලද්දේ, අද්මිරාල් කරන්නාගොඩ විසිනි. එවැනි වීරත්වයකට මාංචු දැමීම පිණිස දිවා ? නොබලා, සියලූ ධෛර්යය යොදමින් සිටින පොලිසියක් සිටිනා රටක ඉපදෙන්නට අපි අවාසනාවන්ත වී සිටිමු.
මේ පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදුකරමින් හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක, හිටපු ගුවන් හමුදාපති එයාර් චිෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති තිසර සමරසිංහ යන මහත්වරු පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූහ. අද රට වැටී සිටින්නේ එතැනටය. ජාතියේ වීර නාවික චරිතය බේරා ගැනීම පිණිස හිටපු හමුදාපතිවරුන්ට ඉදිරියට පැමිණ කරුණු දක්වන්නට සිදුවී තිබේ.
පැමිණිලිකරු චූදිතයා කිරීම
අද්මිරාල් කරන්නාගොඩ වෙත පොලිසිය විසින් ගොනු කරන චෝදනාව ඉතා සරලය. කොටහේන ප‍්‍රදේශයේ ‘අහිංසක දරුවන්’ කිහිපදෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
බුද්ධි අංශ හෙළිදරව් කරගත් ආකාරයට නේවි සම්පත් නමැත්තා ඉතා රහසිගතව කොළඹ හා ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශවල කප්පම් ගැනීම් හා සිවිල් වැසියන් පැහැරගෙන ගොස් මරා දැමීම් සිදුකරමින් සිටියේය. යුද්ධය විසින් ඒ සඳහා ඇවැසි පරිසරය කොළඹ තුළ නිර්මාණය කර තිබිණි. ඔවුන්ගේ කල්ලියට සම්බන්ධව ෆාර් නමැති ඔත්තුකරුවෙක් විය. ෆාර් අවසන් සාම කාලයේදී එල්.ටී.ටී.ඊ. දින දාහතරේ පුහුණුව ලැබ එල්.ටී.ටී.ඊ යේ ප‍්‍රධානියෙක් වන කපිල් අම්මාන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගිය අයෙකි. මොහු නේවි සම්පත්ගේ කල්ලියට තොරතුරු ලබාදෙන්නෙක් ලෙස කටයුතු කළේය.
මේ අතර මෙම කණ්ඩායම රෝ ඔත්තු සේවය හා සම්බන්ධව, රටේ වැදගත් ජාත්‍යන්තර සබදතා නිර්මාණය වන අවස්ථාවල කොළඹ නගරයේ විවිධ අර්බුද නිර්මාණය කළ බවට සැකයක් තිබිණි. ඊ.එන්.ඞී.එල්.එෆ් නමැති සංවිධානයේ කාඩරයින් වන කේ.ඞී. ජෙගන් හා මෝහන් නමැති අය සමග මෙම කල්ලිය සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියැවිණි. නේවි සම්පත් හෙළිදරවු වන සිද්ධිය වන්නේ මේ අතරය. බුද්ධි අංශ හෙළි කළ ආකාරයට තොරතුරු පෙළ ගැසෙන්නේ මෙසේය.
වංචනිකයන්ගෙන් හමුදාවේ පිරිසක් කප්පම් ගනිති
වර්ෂ 2008 සැප්තැම්බර් මාසයේ දිනක ෆාර් විසින් ක්‍රෙඩිට් කාඞ් වංචාවන්හි නියුතු යැයි කියනා පිරිසක් ගැන ඔත්තුවක් සම්පත්ගේ කප්පම් කල්ලිය වෙත ගෙනත් තිබුණේය. අනතුරුව මේ පිරිස පැහැර ගැනීමට සැලසුම් කෙරිණි. පිරිස අතර ඉතා ඉහළ තාක්ෂණික දැනුමක් සහිත රජීව් නාගනාදන් නමැති තරුණයෙක් වූයේය. ක්‍රෙඩිට් කාඞ් වංචාවන්හි තාක්ෂණික අංශය මෙහෙයවා තිබුණේ ඔහු විසින් බව පැවසිණි. මේ තරුණයා වෛද්‍ය උපාධියක් හැදෑරීම සඳහා 2008 සැප්තැම්බර් මස 17 වැනිදා ලංකාවෙන් පිටත්ව එක්සත් රාජධානිය බලා යෑමට සූදානම්ව සිටියේය. මේ ගමනට පෙර අවසන් වරට සිය සගයන් සිවුදෙනා හමුවීමට රජීව් ගියේය. මේ පිරිස දෙහිවල ප‍්‍රදේශයේ සිටිද්දී සම්පත්ගේ කණ්ඩායම විසින් 2008 සැප්තැම්බර් මස 16 වැනිදා පැහැර ගැනිණි. පැහැරගත් පිරිස පිටකොටුව ලංකා බැංකු ගොඩනැගිල්ලට ආසන්න ස්ථානයක රහසිගතව රදවාගෙන තබා ගන්නට සම්පත්ට හැකි වූයේ මේ පසුබිමේය. අනතුරුව රජීව් නාගනාදන් නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි පහක කප්පමක් ඔහුගේ පියාගෙන් ඉල්ලා සිටීමට කප්පම් කල්ලිය කටයුතු කළේය.
තමන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා මිනීමරු කප්පම්කරුවෙක් බව නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට හෙළිදරව් වන්නේ යළි යළිත් කෙරෙන විමසීම්වලින් පසු නේවි සම්පත්ව ප‍්‍රශ්න කිරීමේදීය. අනතුරුව ඔහු කියන්නේ මේ පුද්ගලයින් පස්දෙනා පැහැරගත් බවත්, ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරක ඔවුහු රඳවා ඇති බවය.
නාවික හමුදාපතිවරයා විසින් මේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් කරන්නේය. නේවි සම්පත්ගේ කප්පම් කල්ලියේ සිටි පුද්ගලයන් දෙදෙනෙක් නාවික හමුදා බුද්ධි අංශ වෙත මේ වන සිදුවීම් ගැන පාපොච්චාරණයක් කරන්නේය. ඒ පාපොච්චාරණයේ සඳහන් වන්නේ තමන් විසින් මේ පුද්ගලයන් පස්දෙනා ගෙන් සිවු දෙනෙක් මරා, ඒ මිනී කෑලිවලට කපා දැමූ බවය. එසේ කැපූ කොටස් කැලණි ගෙග් තැනක ගිල්වූ බවය. මළමිනී ප‍්‍රවාහනය කළේ නාවික හමුදාපතිවරයාට පසු ආරක්ෂාව සපයන ඩිෆෙන්ඩර් රථයෙන් බවය. ෆාර් නමැති ඔත්තුකරු ද අනතුරුව මරා දැමුණු බවය. රජීව් නාගනාදන් ත‍්‍රිකුණාමලයට ගෙන ගොස් 2009 අපේ‍්‍රල් මස 24 වැනිදා මරා දැමූ බවය.
පැමිණිලිකරු කරන්නාගොඩ
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් තම පුද්ගලික ආරක්ෂක නිලධාරියා පිළිබදව රහස් පොලිසියට පැමිණිලි කරන්නේ මේ හෙළිදරව් වීමෙන් පසුය. ඒ වර්ෂ 2009 මැයි මස 28 ය. මැයි මස 28 වැනිදා නේවි සම්පත් නාවික හමුදාවෙන් පලා යන්නේය. එදින ඔහුගේ කාමරයට සීල් තබනු ලබන්නේය. සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2009 ජුනි 10 දිනය. 10 දා කාමරය යළි විවෘත කළ විට කාමරයේ තිබී තරුණයින්ගේ පාස්පෝට් පහක් හා ජාතික හැඳුනුම්පත්,
ගිනි අවි උණ්ඩ ඇතුළු භාණ්ඩ තොගයක් හමුවන්නේය. දඬුවම් මුදලාලි නමැති පොලීකරු ළඟ තැන්පත් කර තිබූ ලක්ෂ ගණනක මුදල් සහිත වව්චර ඒ අතර විය. හමු වූ පාස්පෝට් හිමි තරුණයන් සියලූදෙනාම කප්පම් ගෙන මරා දමනු ලැබ තිබුණේය.
2010 ජුනි මස 9 දා නේවි සම්පත් ඇප මත නිදහස් වන්නේය. ඇපමත නිදහස් වූ සම්පත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා හමුවී කියන්නේ නාවික හමුදාපතිවරයා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාත්, සිවිල් ආරක්ෂක බළකායේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සරත් වීරසේකරත්, හිටපු ටෙස්ට් නායක වත්මන් ඇමැති අර්ජුන රණතුංග හා මාධ්‍යවේදීන් පස්දෙනකු ඝාතනය කිරීමට තමන්ට බලපෑම් කළ බවය. තමන් ඊට අකමැති වීම නිසා දැන් වසන්ත කරන්නාගොඩ විසින් තමන්ගෙන් පළිගන්නා බවය. ඔහුට අනුව ඔහු මේ එක් ඝාතනයකටවත් සම්බන්ධ නැත. ඒවා කර ඇත්තේ හිටපු නාවික හමුදාපතිගේ කිට්ටු නිලධාරීන් වන ඞී. කේ. පී. දසනායක, ආර්. පී. එස්. රණසිංහ වැනි නිලධාරීන්ය. කරන්නාගොඩ තමන්ගෙන් පළිගන්නට දසනායකලා මැරූ මිනිස්සුන්ගේ පාස්පෝට් තමන්ගේ කාමරවල ලාච්චුවට හොරෙන් දමා ඇති බව නේවි සම්පත් කියන්නේය. ආණ්ඩු පෙරළියත් සමග සම්පත් මුණසිංහ උසාවියෙන් මෝෂන් එකක් ගෙන රහස් පොලිසියට තවත් අලූත් කතාවක් කියන්නේය. දැන් මේ කතාවට අලූත් පරිච්ෙඡ්ද ගණනක් එක්වී ඇත්තේය.
නේවි සම්පත් එක රැයෙන් නිවැරදිකරු…
නේවි සම්පත් නමැති කප්පම්කරුවා ගැන රහස් පොලිසියට පැමිණිලි කරන්නේ එවකට රටේ හිටපු නාවික හමුදාපතිය. ඔහු නාවික හමුදාවෙන් මේ පිළිබද කළ පරීක්ෂණවල ප‍්‍රතිඵලත් සහිතව රහස් පොලිසියට කටඋත්තරයක් දෙන්නේය. අනතුරුව සම්පත්ව පුරා වසරක් රදවා තබාගෙන ප‍්‍රශ්න කරන රහස් පොලිසිය වර්ෂ 2011 මාර්තු මස 30 වැනිදා උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරමින් සම්පත් මුණසිංහ මේ පැහැර ගැනීම්වලට සම්බන්ධ බව කියන්නේය. තවත් වසර හතරකට ආසන්න කාලයකට පසු සිදුවන ආණ්ඩු පෙරළියත් සමග රහස් පොලිසියට සම්පත් විසින් යළිත් ලබාදෙන කටඋත්තරයෙන් පසු දැන් නඩුවේ වගඋත්තරකරුවා හිටපු නාවික හමුදාපතිවරයාය. ඔහු අවට සිටි නිලධාරීන්ය. ඒ සමගම නේවි සම්පත් යන නාමය ද අලූත් චරිතයක් සඳහා පටබැඳෙන්නේය.
රහස් පොලිසිය එකවරක් නේවි සම්පත් යනුවෙන් හඳුන්වන්නේ සම්පත් මුණසිංහය. තවත් වරක චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නම් නාවික නිලධාරියාය. කාලයක් ගතවන විට චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි රටින් පිටවී ඇතැයි පවසන පොලිසිය ඒ සඳහා උදව් කළා යැයි වත්මන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සම්බන්ධ බවට සැක කළේය. තමන්ට ලැබුණු තොරතුරු අනුව, චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, බෝට්ටුවකින් රටින් පිට කර ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ හමුදා සේවයේ, ඉහළම නිලධාරියා බව පොලිසිය විසින් උසාවියට රපෝර්තු කළේය. සේවයේ යෙදෙන තරු හතරේ එකම හමුදා නිලධාරියා වන අද්මිරාල් විජේගුණරත්න අත්අඩංගුවට පත්වන්නේ එසේය.
පොලිසිය විසින්ම අධිකරණයට වාර්තා කළ පරිදි, චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි, මැලේසියාවට පැන ගොස් ඇත්තේ වෙනත් නමක් සහිත ගමන් බලපත‍්‍රයක් උපයෝගී කර ගෙන ගුවන් මාර්ගයෙනි. ඔහු යළි මෙරටට පැමිණීමෙන් පසු, දොම්පේ ප‍්‍රදේශයේ වත්තක මුරකරුවකු ලෙස සේවයේ යෙදුනු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී දැනගන්නට ලැබුණු බව පොලිසිය විසින්ම අධිකරණයට වාර්තා කළේය.
පියවරෙන් පියවර මෙසේ යමින් අද්මිරාල් කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම පිණිස දැන් පොලිසිය සූදානමින් සිටියි.
එජා මානව හිමිකම් සැසියට පෙර සූදානමක්
මේ සිදුව ඇත්තේ යුද අපරාධයක් නොවේ. අපරාධ නීතිය යටතේ වරදකරුවන් බවට අදාළ චූදිතයන් පත් කළ යුතු අපරාධ සිද්ධියකි. ඒ පිළිබඳව මුලින්ම පොලිසිය වෙත පැමිණිලි කළ අද්මිරාල් කරන්නාගොඩ වෙත අද වන විට ”සියල්ලේ වගකිව යුත්තා” යන ලේබලය ඇලවීමට පොලිසිය උත්සාහ දරමින් සිටියි.
මේ ”හොරා නොදැන” පොලිසිය විසින් ගහන ගේමක් නොවේ. යුද අපරාධ චෝදනාව ඉදිරියට දමා, යුද ජයග‍්‍රහණය ආපසු හැරවීමේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය වෙනුවෙන් පොලිසිය විසින් දිවා රෑ නොබලා යෙදෙන මෙහෙවරකි.
මීට පෙර කාලයේදී එජාපය සහ ශ‍්‍රීලනිපය එකට යහපාලන දීගය කන අවස්ථාවේදී, මෙම රණවිරු දඩයම සිදු කරන ලද්දේ, යහපාලන ආණ්ඩුව අටවන ලද වෙනම ඒකකයක් මගිනි. නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාසල් හිතවතකු වන නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන්, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිඥ ජේ.සී. වැලිඅමුණ මෙම කමිටුවේ සාමාජිකයෝ වූහ. ඊට අමතරව විමර්ශන ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය දැනුම් දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ශානි අබේසේකර යන පිරිස ද මෙම කමිටුව සඳහා කැඳවා තිබුණි. අද එම කමිටු නැත. එක්කෝ පෙනෙන්නට නැත. අද නීතිය සහ සාමය අමාත්‍යාංශය ඇත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විෂයය පථයක් ලෙසය. එසේ තිබියදී ඩයස්පෝරා අවශ්‍යතාවය තවමත් සිදුවෙමින් පවතින්නේ කෙසේද…?
පෙබරවාරි 25 වෙනිදා සිට මාර්තු 22 දක්වා ජිනීවාහිදී එ. ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වෙති. එහිදී ශ‍්‍රී ලංකාව පිළිබඳව කතා බහ කෙරෙන්නේ මාර්තු 20 වෙනිදාය. ඒ සඳහා තමනට හැකි අයුරින් තුරුම්පු ගැසීමට ශ‍්‍රී ලංකා රහස් පොලිසිය වෙහෙසෙන බව පෙනී යයි.
අද්මිරාල් කරන්නාගොඩ වැනි රණවිරුවෙක් අන් ජාතියක් සතුව සිටියේ නම්, මෙවැනි කතාවක් සිතන්නට පවා ඔවුන් ඉඩදෙන්නේ නැත. ඔහුගේ වීරත්වය ඒ තරම්ම අනභිහවනීයය. දැයේ හෙට දවස වෙනුවෙන් ඔහු දුන් නායකත්වය එතරම්ම ශ්‍රේෂ්ඨය. නිවට ජාතියක් ඉදිරියේ ඒ සියල්ල දියවී යන බව පෙනේ. වීරයාගේ භූමිකාව ද්‍රෝහියා දක්වා ගෙන ඒමට අවස්ථාවාදය දශකයකට වඩා කාලයක් නොගත්තේය. ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ වෙඩි කා දශකයක් ගතවන විට, ඒ සඳහා කර උර දුන් වීරයෝ, හිරගෙට දක්කන්නට මේ වන විට සියල්ල සූදානම්ය.
මනෝජ් අභයදීර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...