පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා හෝ බැඳුම්කර ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව විවාදයට ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමට යයි.
ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන ලද්දේ බැඳුම්කර විවාදය කඩිනමින් පාර්ලිමේනතුවේ විවාදයට ගන්නා ලෙස හෙට(23) පාර්ලිමේනතුව රැස්වීමෙන් අනතුරුව කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින බවයි.
බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාවල පරිවර්තන ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම විවාදයට ගැටළුවක් නම් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා විවාදය පැවැත්වීමට පුළුවන් බවත් ඒ සඳහා ඕනෑතරම් පූර්වාදර්ශ තිබෙන බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
රටේ ප්‍රධානතම ප්‍රශ්නයක් නිසා මෙම විවාදය පැවැත්වෙනතුරු රටේ පොදු මහජනතාව බලාගෙන සිටින බවද මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.
පර්ලිමේන්තුවට පැමිණ සිටින ජනතා නියෝජිතයින්ගෙන් සරල බහුතරයකගේ කැමැත්ත තිබෙනවානම් මේ සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැකි බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මීට අමතරව ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ වාර්තාවේ පිටු 103ක් අඩුවීම ගැන (23) දින පාර්ලිමේනතුවේදී ප්‍රශන කරන බවටද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ජාලයට යොමුකර තිබෙන පිටපතෙහි පිටු 103ක් අඩුවී තිබෙන බවත් එය බරපතල තත්වයක් බවත් වැඩිදදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...