සිය දේශසීමා අතික්‍රමණය කළ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ල කර බිම හෙළා එක් ඉන්දීය ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගත් බව පාකිස්තානය නිවේදනය කරයි.
දේශසීමා උල්ලංඝනය කරමින් ඉන්දියාවට අයත් ප්‍රදේශය වෙත පාකිස්තාන ගුවන්යානා තුනක් ඇතුලුවී ඇති බවද විදෙස් පුවත් වාර්තා කළේය.
මේ අතර ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ගුවන්යානාවක් ජම්මු කාශ්මීරයේ බුද්ගම් නගරය සමීපයේදී අනතුරට ලක්ව තිබේ.
එහිදී මියගිය නියමුවන් දෙදෙනෙකුගේ සිරුරුද හමුව ඇති බවට වාර්තා වුණි.
මේ කරුණු සලකා ජම්මු, ශ්‍රී නගර් සහ ලේ යන ගුවන් කලාප මුලුමනින්ම වසා දැමීමට ඉන්දියාව කටයුතු කළේය.
(බීබීසී ඇසුරිණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...